තවත් ලාංකිකයින් 523ක් දිවයිනට

දෙසැ 12, 2020

    දිවයිනට පැමිණීමට නොහැකිව මැදපෙරදිග ඇතුළු රටවල් කිහිපයක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 523 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 300ක්, කටාර් සිට පුද්ගලයින් 127ක් සහ ඉන්දියාවේ සිට පුද්ගලයින් 96ක් මෙලෙස දිවයිනට පැමිණියේය.

    අද දිනය තුළ ද තවත් ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙක් චීනයේ සහ ජර්මනියේ සිට දිවයිනට පැමිණිමට නියමිත බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

    පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට නියමිතයි.

    Latest News