මග්ගොන ප්‍රදේශ 3කට සංචරන සීමා

දෙසැ 20, 2020

    බේරුවල, මග්ගොන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 3 ක් සඳහා සංචරන සීමා පැනවීමට තීරණය කර තිබේ .

    ඒ අනුව මග්ගොන නැගෙනහිර, මග්ගොන බටහිර සහ අක්කරමලෙයි යන ග්‍රාම නිලධාරී වසම් 3 සඳහා මෙම සංචරණ සීමා පනවා තිබේ.

    ඊයේ (19) දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 50 කට අධික සංඛ්‍යාවක් එම ප්‍රදේශයෙන් වාර්තා විය.

    මේ වන විට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ආසාදිතයින් 361 දෙනෙක් වාර්තා වී ඇති අතර මග්ගොන ප්‍රදේශයෙන් රෝගීන් 107 දෙනෙක් වාර්තා වී ඇති බව වාර්තා වෙයි.

    Latest News