නාය අවදානමක් නිසා වලපනේ - මහනුවර මාර්ගය වැසේ

දෙසැ 20, 2020

    නායයාමේ අවධානමක් හේතුවෙන් වලපනේ - මහනුවර ප්‍රධාන මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා පවසයි.

    මාර්ගය විවෘත කරන තෙක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ට දැනුම් දෙයි.

    2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේදි නායයාමට ලක් වු මලපට්ටාව ගල්වල ප්‍රදේශයේ සක්‍රීය වූ නායයැම් තත්ත්වයක් තිබෙන බවත්,

    ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ලැබුණු නිර්දේශයට අනුව මිලිමිටර් 40 කට වඩා වර්ෂාපතනයක් පතිත වුවහොත් අවධානම් තත්ත්වයක් ලෙස දැනුම් දී තිබෙන බවත් අධ්‍යක්ෂකවරයා පවසයි.

    එම නිසා ඊයේ (19) දිනයේ මිලිමිටර් 75 කට වඩා වර්ෂාපතනයක් පතිත වූ නිසා මලපට්ටාව මාර්ගය මේ දක්වා වසා දමා තිබෙන බව ඔහු ප්‍රකාශ කරයි.

    Latest News