ආසාදිතයෙක් නිසා හැටන් වෙළඳසැල් 3ක් වැසේ

දෙසැ 20, 2020

    කොවිඩ් 19 වෛරසය අසාදිතයෙක් හේතුවෙන් හැටන් නගරයේ වෙලදසැල් තුනක් වසා දමා එහි සේවකයින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන තිබේ.

    නිමි ඇදුම් වෙලදසැල් දෙකක් සහ පාවහන් වෙලදසැලක් ඊයේ (19) පස්වරුවේ මෙලෙස තාවකාලිකව වසා දැමිණ.

    එම වෙලදසැල් වල කළමණාකරුවන්,අයිතිකරුවන් සහ සේවකයින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා කටයුතු කළේය.

    වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කල මෙම සේවකයා කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා ලග්ගල නිරෝධායන මධ්‍යස්ථානයට පසුගිය 18 දින යොමු කර තිබේ. අනතුරුව එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 118 දෙනෙක් ද ස්වයං නිරෝධානයට යොමු කිරිමට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර තිබේ.

    අසාදිතයා ඉකුත් 11 සහ 13 යන දෙදින හැටන් නගරයට පැමිණ රාජ්‍ය බැංකුවකට පිවිස ඇති අතර, එම බැංකුවේ අසාදිතයාගේ ළගම ආශ්‍රිතයන් වූ බැංකු කාර්යය මණ්ඩලයේ දෙදෙනෙකු (18) දින ස්වයං නිරොධානයට යොමු කිරිමටද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් කටයුතු කර තිබුණි.

    කෙසේ වෙතත් තාවකාලිකව වසා දැමුණු වෙලදසැල් දෙකේ කලමණාකරු, අයිතිකරු සහ සේවකයින් පි.සි.ආර් පරික්ෂණයකට යොමු කරන බවත්, එම වෙලදසැල් වල සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර ව්‍යාපාර කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවත් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්ඛ්‍ය පරික්ෂකවරයා ප්‍රකාශ කළේය.

    Latest News