කොළඹ ප්‍රදේශයේ මේ දිනවල පවතින සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවන අනතුරු වලක්වාගැනීම සඳහා අද (25) රාත්‍රියේ කොළඹ මාර්ග කිහිපයක් වසා තැබීමට පියවර ගන්නා බව පොලිස් රථවාහන මූලස්ථානය නිවේදනයක් නිතුක් කරමින් පවසා ඇත.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ 101 වැනි කිලෝ මීටරය කණුව ආසන්නයේ රන්ගොඩකන්දේ කොටසක් නායයෑම හේතුවෙන්, ඉමදූව සිට පින්නදූව දක්වා කොටස තාවකාලිකව වසා දමා තිබෙනවා.

නුව‍රඑළිය ප්‍රදේශයට ඇඳ හැලෙන අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් නුවරඑළිය, හෝටන්තැන්න ප්‍රධාන මාර්ගයට ගස් කිහිපයක් කඩා වැටී තිබෙනවා.

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ජල නල එලීමේ කටයුතක් හේතුවෙන් වැල්ලම්පිටිය හන්දියේ සිට කොටිකාවත්ත හන්දිය දක්වා කොටස අද (1) රාත්‍රී 10.00 සිට අනිද්දා පස්වරු 5.00 දක්වා වසා තබන බව අපරාධ හා රථවාහන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

ඉන්ධන ඉල්ලා සිදුකරන විරෝධතාවක් හේතුවෙන් අවහිරවී තිබූ බොරැල්ල මරදාන මාර්ගය මේ වන විට වාහන ගමනාගමනය සඳහා විවෘත වී තිබේ.

දියත උයන අසල පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය පොල්දූව මංසන්ධියෙන් වසා දමා තිබේ.

කටුගස්තොට - කුරුණෑගල මාර්ගයේ බර වාහන ධාවනයෙන් තාවකාලිකව වැළකී සිටින ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙයි. එම මාර්ගය ආශ්‍රිත ගොඩනැගිල්ලක් ගිලා බැසීමට ලක්ව තිබීම ඊට හේතුවයි.

කොළඹ – පුත්තලම A-03 ප්‍රධාන මාර්ගය හෙට (06) උදෑසන 6.00 සිට අනිද්දා (07) සවස 6.00 දක්වා වසා තැබෙන බව පොලිසිය දැනුම් දෙයි.

73 වැනි නිදහස් උත්සවයේ පෙරහුරු පැවැත්වෙන දිනයන් හි උදෑසන 6.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළත් සැමරුම පැවැත්වෙන 4 වැනිදා උදෑසන 4.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළත් කොළඹ නිදහස් චතුරශ්‍රය, නිදහස් මාවත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

නායයාමේ අවධානමක් හේතුවෙන් වලපනේ - මහනුවර ප්‍රධාන මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා පවසයි.

Latest News