වැසි සහිත අවදානම් තත්වය පහව යාමත් සමඟ මහනුවර - මහියංගණය මාර්ගය යළි විවෘත ඊයේ (27) රාත්‍රී සිට යළි විවෘත කෙරුණා.
ඉකුත් 21 වැනිදා සිට සෑම දිනකම පස්වරු 6.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා කාලයේදී සම්පූර්ණයෙන් වසා දමා තැබීමට තීරණය කෙරුණේ පැවති වැසි සහිත කාලගුණ තත්වය මතයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය ලබාදුන් නිර්දේශ මතයි යළි මාර්ගය විවෘත කිරීමට තීරණය කෙරුණු බවයි, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්‍රකාශ කළේ.
මාර්ගයට පෙරළී තිබුණු සහ තවදුරටත් අවදානම් තත්ත්වයේ පැවැති ගල් මේ වන විට ඉවත් කොට ඇති අතර මාර්ගයේ තත්ත්වය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අධ්‍යයනය කොට වාර්තාවක් ලබාදීමට ද නියමිතයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් ඒකකයේ මැදිහත්වීම මත මේ පිළිබඳව අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකෙරෙනවා.