ව්‍යාජ 5000 මුදල් නෝට්ටු 100ක් අත්අඩංගුවට

දෙසැ 16, 2020

    රුපියල් 5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සහ මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, ගොකරැල්ල ගල්සේරුගොල්ල ප්‍රදේශයේදී. ගොකරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව ඊයේ (15) සවස 6.25ට පමණ වැටලීම සිදුකර තිබුණි.

    සැකකරුවන් සන්තකයේ තිබූ ජංගම දුරකතන 2ක් සහ බැංකු කාඩ් 2ක් පොලිස් භාරය ගෙන තිබේ. අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන්නන් ය.

    Latest News