රු.5000 ව්‍යාජ නෝට්ටු සමග දෙදෙනෙක් අත්අඩංගුවට

සැප් 01, 2020

    වීරකැටිය, හුන්නකුඹුර ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    රුපියල් පන්දහසේ නෝට්ටු 200ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී වීරකැටිය උඩයාල ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කළ ස්ථානය වටලා තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනිණ.

    එම ස්ථානයේ තිබි ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට භාවිත කළ පරිගණක යන්ත්‍රයක් හා ප්‍රින්ටරයක් සොයාගෙන තිබේ.

    සැකකරුවන් 27 සහ 39 යන වයස්වල පසුවන උඩයාල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි. ඔවුන් අද (01) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 01 සැප්තැම්බර් 2020 15:58

    Latest News