කොවිඩ් මඩින හෙළ ඔසු රැසක් කොවිඩ් මර්දන දේශීය වෛද්‍ය ජාතික කමිටුවේ අවධානයට

දෙසැ 16, 2020

    කොවිඩ් මඩින හෙළ ඔසු රැසක් කොවිඩ් මර්දන දේශීය වෛද්‍ය ජාතික කමිටුවේ අවධානයට යොමුව තිබේ.

    කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය මර්දනය සදහා අමිතිරිගල උතුර නෙඵන්දෙණිය වෙද ගෙදර පාරම්පරික වෛද්‍ය ඒච්.ඩී.පී. දර්ශනී මහත්මිය විසින් නිෂ්පාදිත කොවිඩ් මර්දන ප්‍රතිජීවක ඖෂධය හා අම්බලන්ගොඩ, ලංකාපුර වෙද මැදුරේ වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් නිෂ්පාදිත කොවිඩ් මර්දන පාරම්පරික ඖෂධ දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමුව තිබේ.

    ඒ අනූව ඒම ප්‍රතිකාරයන්හි සාර්ථකත්වය සොයාබැලීම සදහා ඖෂධ, ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත සහ කොවිඩ් මර්දන දේශීය වෛද්‍ය ජාතික කමිටුව වෙත යොමු කර තිබේ. තවද මෙවැනි කොවිඩ් මර්දන ඖෂධ 35කට ආසන්න ප්‍රමාණයක් අදාල පර්යේෂණ කටයුතු සදහා ඒම ආයතන වෙත යොමුකර තිබේ. ආයුර්වේද වෛද්‍ය ඒච්. ඩී. පී. දර්ශනී මහත්මියගේ කොවිඩ් ප්‍රතිජීවක ඖෂධය නිරෝධායන මධ්‍යස්ථාන සහ යුධ හමුදාව, නාවික හමුදාව වෙත ලබාදී ඇති අතර කොවිඩ් 19 නිවාරණය කිරීමේ ජාතික මධ්‍යස්ථානය මගින් මෙම ප්‍රතිකාරයන් ඇගයීමට ලක්කර තිබේ.

    ලංකාපුර වෙද මැදුරේ තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය ඩෙංගු රෝගය සදහා පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම තුළින් නව ප්‍රතිකාර ක්‍රම හදුන්වාදී පේටන්ට් බලපත්‍රයද හිමිකරගෙන සිටින වෛද්‍යාචාර්යවරියකි.

    Latest News