හොර නෝට්ටු මාර්ග බාධකයේ දී මාට්ටු

මැයි 02, 2019

    ව්‍යාජ මුදල් නෝට්ටු තොඟයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු රාගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ව්‍යාජ මුදල් නෝට්ටු තොගය වැන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී බෲක්සයිඩ් මාර්ග බාධකයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගැනිණ.සැකකරුවන් සතුව තිබී රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 30ක් සහ රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 119ක් සොයා ගැනිණ. මුදල්වල මුළු වටිනාකම රුපියල් 613500ක් පමණ. රාගල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 07:16

    Latest News