ව්‍යාජ මුදල් නෝට්ටු 128ක්

අගෝ 18, 2020

    මුල්ලේරියාව - ගල්වාන ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    රුපියල් 5000 නෝට්ටුවක එක් පැත්තක් පමණක් මුද්‍රණය කර එවැනි නෝට්ටු දෙකක් ඉහළට සහ පහළට පෙනෙන ලෙස මුදල් බණ්ඩල් 128ක් සැකකරුවන් විසින් සකස්කර තිබිණ.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෝටර් රථයක් සෝදිසි කිරීමක දීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34,36 හා 42 වයස්වල පසුවන ජාඇල,අංගොඩ හා මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකරුවන්.
    ඔවුන් අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News