හොර නෝට්ටුත් එක්ක 5කට මාංචු

නොවැ 05, 2019

    ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් පස්දෙනෙකු බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු එම ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලකට පැමිණ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදී මත්පැන් මිලදී ගැනීමට උත්සාහ කර තිබේ. සැකකරු සතුව තිබී ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු තුනක් පොලිසිය විසින් සොයා ගැනිණ.

    සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී අදාළ ව්‍යාජමුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද ස්ථානය වටලා තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනිණ. ඔවුන් සතුව තිබී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 07ක්, ලැප් ටොප් පරිගණයක් සහ ස්කෑන් මුද්‍රණ යන්ත්‍රයක් පොලීසිය භාරයට ගැනිණ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරලැස්ගමුව, ගනේමුල්ල,වීරකැටිය, පැල්ලම්පල සහ දෙහිවල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 10:35

    Latest News