මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් විරෝධයක්

ජන 21, 2019

    දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (21) ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් පලාත් පාලන ආයතනවල සෞඛ්‍ය අංශයේ රාජකාරි රැසක් අඩාල වි ඇති බව එම පාලත් පාලන ආයතනවල සේවකයින් පවසයි.

    මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දිනපතා තම පලාත් පාලන ආයතනයේ සෞඛ්‍ය අංශයේ කම්කරුවන් උදැසන පෙරට්ටුවකට කැදවා දෛනික රාජකාරි කටයුතු ඔහුන් වෙත පවරන අතර මෙම වැඩ වර්ජනය හේතුවෙන් දෛනික පෙරෙට්ටුව නොපැවැත්වුණු බවයි පලාත් පාලන ආයතන වල සේවකයින් කියා සිටියේ.

    මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ඉල්ලිම් ගණනාවක් මුල් කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

    Last modified on සදුදා, 21 ජනවාරි 2019 12:32

    Latest News