ලුණුගම්වෙහෙර ස්වංනිරෝධායන උපදෙස් නොතැකූ පුද්ගලයෙක්ට අවවාද

මාර් 23, 2020

    හම්බන්තොට, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පුද්ගලයෙකුට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැඩි ලෙස අවවාද කර තිබේ.

    ඒ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි ඔහු වෛද්‍ය උපදෙස් නොතකා ප්‍රදේශයේ විවිධ ස්ථානවල ගමන් කිරීම හේතුවෙන්.

    මෙම තැනැත්තා හම්බන්තොට ලුණුගම්වෙහෙර එකේ කොළණිය ප්‍රදේශයේ දී ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. ඔහු මීට පෙර සංචාරක හෝටලයක සේවය කර ඇති අතර, එහි සිටි විදේශිකයෙකුට මේ වන විට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි, වාර්තා වන්නේ. ස්වයං නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයා වෛද්‍ය උපදෙස් නොතකා තම ප්‍රදේශයේ විවිධ ස්ථානවල ගමන් කිරීම හේතුවෙන් ඔහුට තරයේ අවවාද කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කටයුතු කර තිබේ.

    Last modified on සදුදා, 23 මාර්තු 2020 16:39

    Latest News