PHI වෙස් මුහුණු ගැලවෙයි

ජූනි 20, 2023

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් රඹුක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (19) දහවල් කාලයේ දී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි දික්පිටිය, අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    සැකකරු රඹුක්කන නගරයේ වෙළෙඳසැලක් වෙත ගොස් රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීයා ලෙස පෙනී සිටිමින් එම වෙළෙඳ සැලෙන් මුදල් ඉල්ලා සිටින අවස්ථාවේදී වෙළෙඳසැල් සේවකයන් විසින් ඔහු අල්ලාගෙන පොලිස් නිලධාරීන් වෙත භාරදී ඇත.

    සැකකරු අද (20) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News