කුඩාවැල්ල ඝාතනයේ;සැකකරු රිමාන්ඩ්

ජන 21, 2019

    තංගල්ල, කුඩාවැල්ල ධීවර වරයේ (25) සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 25 දින දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට මහේස්ත්‍රාත් එල්.ටී වරුසවිතාන මහතා අද (21) නියෝග කළේය.

    මෙම සැකකරු  තංගල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් රැදවුම් නියෝග යටතේ රදවා ගෙන සිටි නාකුළුගමුව ගලගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන මොහු යුද හමුදා විශේෂ බලකායේ සේවයේ සිටියදී පලාගිය පුද්ගලයෙකි.

    2019.01.21 පෙ.ව 9.00

    තංගල්ල, කුඩාවැල්ල ධීවර වරයේ (25) සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අද (21) සහ යතුරු පැදියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    සිද්ධියට අදාළ සැකකරුවන්ගෙන් කරල ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඊයේ දින (20) වෙඩි තැබීමට යොදාගත් අංක තහඩු නොමැති යතුරු පැදිය බෙලිඅත්ත - පොල්වත්ත කාණුවක් තුළ සඟවා තිබිය දී සොයා ගැනිණ.

    යතුරු පැදිය සඳහා යොදාගත් ආරක්ෂක හිස් වැසුම් දෙකක් පුළුස්සා තිබිය දී සොයාගෙන ඇති අතර එය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් මගින් රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතයි.

    අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි එච්.කේ.රන්දික සම්පත් නමැති ගලගම උතුර, නාකුළුගමුව පදිංචිකරුවෙක් වේ. සැකකරු හෙට (22) තංගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. තංගල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 21 ජනවාරි 2019 14:28

    Latest News