මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් රඹුක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අටලුගම ප්‍රදේශයේ කොවිඩ් 19 රෝගය වැළඳුණු පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට උත්සහ දැරූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය නෛතික කටයුතුවලට අදාළ පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය, හෙට උදේ සිට අත්හැරීමට තීරණය කොට තිබේ.

හම්බන්තොට, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පුද්ගලයෙකුට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැඩි ලෙස අවවාද කර තිබේ.

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (21) ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් පලාත් පාලන ආයතනවල සෞඛ්‍ය අංශයේ රාජකාරි රැසක් අඩාල වි ඇති බව එම පාලත් පාලන ආයතනවල සේවකයින් පවසයි.

Latest News