හොර පාරේ රට ගිහින් අමාරුවේ වැටෙන්න එපා...

ජන 21, 2019

    නීති විරෝධී ලෙස විදේශ රැකියා සදහා පිටත්ව ගොස් දැන දැනම අමාරුවේ නොවැටීමට ශ්‍රමිකයින් වගබලාගත යුතු බවත්, නොයෙක් කරදරවලට මුහුණදුන් බවට මාධ්‍ය ඔස්සේ හඩ නගන්නේ මෙසේ නීති විරෝධී ආකාරයට විදේශ ගතවූ පිරිස් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

    විගමණික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය සෑම අවස්ථාවකදීම පියවර ගන්නා බව ද ඔහු පැවසුවේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා...

    විදේශගත ශ්‍රමිකයින්ගේ ගැටලු ගැන විවිධ අවස්ථාවලදී තොරතුරු වාර්තා වෙනවා. විදේශගතව සිටින ශ්‍රමිකයින්ට මොනවා හරි කරදරයක් වෙනවා නම් අපි ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. හරි පාරෙන් විදේශගත වුනොත් ගැටලුවලට මුහුණදෙන්න වෙන්නේ නෑ. නීති විරෝධී ලෙස විදේශ ගතවෙලා ඉන්න ශ්‍රමිකයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපිට අපහසුයි. අද නොයෙක් ගැටලුවලට මුහුණදීමට සිදුවෙලා තියෙන්නේ නීති විරෝධී ආකාරයට විදේශගතවූ අයටයි.

    නීත්‍යානුකූල නොවන ආකාරයට රැදී සිටින සමහර අය ගෙන්වාගැනීමට නොහැකිවී තිබෙන්නේ ඔවුන්ට නඩු කටයුතුවලට මුහුණදීමට සිදුව තිබෙන නිසයි. ඒත් හරින් ප්‍රනාන්දු ඇමැතිතුමා මේ හැම රටකටම ගිහින් ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒත් උවමනාවෙන් කරදරයේ වැටෙන්න එපා කියන පණිවුඩය ලබාදෙන්න ඕන.

    Latest News