සීතාවක කර්මාන්තශාලා සේවකයින් 12කට කොරෝනා

නොවැ 27, 2020

    අවිස්සාවේල්ල,සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලා තුනක සේවය කරන සේවක සේවිකාවන් 12 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

    කර්මාන්තශාලා 3කට අයත් මෙම පිරිස පීසීආර් පරීක්ෂණ සිදුකර ඇත්තේ පසුගිය 24 වැනිදායි.

    ඒ අනූව එක් කර්මාන්ත ශාලාවකින් 8 දෙනෙක් තවත් කර්මාන්ත ශාලාවකින් තිදෙනෙක් හා අනෙක් කර්මාන්ත ශාලාවෙන් එක් අයෙක් ලෙස ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගනු ලැබීය.

    මොවුන් අවිස්සාවේල්ල, යහැල්ලවත්ත, රුවන්වැල්ල, ඇහැලියගොඩ, කුරුවිට, කිරිඇල්ල ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් සොයා ඔවුන්ව නිවෙස්වලම නිරෝධායනය කිරීමට පියවර ගනු ලැබීය.

    Latest News