මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 18,487ක්

නොවැ 27, 2020

    අද (27) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 18,487 ක් වේ.

    ඉන් පුද්ගලයින් 12,437 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර - 3,059 කොළඹ මාළු වෙළඳපලේ පොකුර - 15,428

    ඊයේ (26) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 22,027 ක් වන අතර ඉන් පුද්ගලයින් 15,815 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    ඊයේ (26) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6,113 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (27) දින උදෑසන 6.00 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 369ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    Latest News