යාචක ව්‍යාපාරය මැඩලීමට මෙහෙයුමක්

නොවැ 19, 2020

    කොළඹ නගරයේ සංඥා ලාම්පු අසළ සිට ව්‍යාපාරයක් ලෙස යාචකයින් සේ පෙනී සිටින්නන් සොයා අද සිට මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    එම ස්ථානවල සිට යාචකයින් ලෙස පෙනී සිටින බොහෝ පිරිස් යාචකයින් නොවන බවට බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

    ඒ අනූව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරේ. සංඥා පුවරු අසළ දී වාහන වල සිටින රියදුරන් හා වාහනවල සිටින පුද්ගලයින් යාචකයින් වෙත මුදල් ලබා දෙන්නේ නම් හෝ භාණ්ඩ මිලදී ගැනීමක් සිදු කරන්නේ නම් ඔවුන් විසින් සිදුකරන්නේ ද වරදක්, ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීමක් බවයි, අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ.

    ඒ අනූව ඔවුන්ට එරෙහිවත් ජාතික මං මාවත් පනත යටතේ නඩු පැවරීමට පියවර ගැනීමට රථවාහන පොලිස් නිලධාරීන් වෙත උපදෙස් දී ඇති බවයි අජිත් රෝහණ මහතා පවසන්නේ.

    Latest News