කෝටි එක හමාරක ගංජා අල්ලයි

නොවැ 18, 2020

    රුපියල් කෝටි එක හමාරක ගංජා කිලෝග්‍රෑම් 63ක් පොලිස් බාරයට ‍ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අද සමත් විය.

    මීට දින කිහිපයකට පෙර කඩවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් දීර්ඝ ලෙස සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ගංජා ජාවාරම්වලට සම්බන්ධ තවත් පුද්ගලයින් තිදෙනෙක් කැලණිය වනවාසල,කැලණිය හන්දිය හා නවලෝක හන්දියේ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී වාහන තුනක් සමග අත්අඩංගුවට ගැනිණ.

    එම ගංජා ජාවාරමට ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙක් ද සම්බන්ධ බවට තොරතුරු ‍හමුව තිබේ.

    Latest News