පාර්ලිමේන්තු සුදුසුකම අත-පය කඳ නොවේ: රංජන්, මන්ත්‍රීවරුත් විනිසුරුවරුත් ඉවර කළා

ජන 12, 2020

    ශරීර කුඩුව දිහා බලා ඡන්දය භාවිතා නොකර දේශපාලනය කරන්න පුළුවන් පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදි පාර්ලිමේන්තුවට පත්කර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉල්ලා සිටි. නොගැලපෙන පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත් කිරිමෙන් පාර්ලිමේන්තුව මෙන්ම සමස්ත සමාජයම අගතියට පත්වන බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අනුරාධපුර, නාච්චාදූව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මහතා.....

    තව මාස 03 කින් පාර්ලිමේන්තු මැතිවරණයත් තියෙනවා, ඔබතුමන්ලා පහුගිය කාළයේ, පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන කිව්වා නේද? ඒ බෝම්බ ගහන්න කිව්වේ පාර්ලිමේන්තුව කැත නිසා නෙමෙයි, ඒකේ ඉන්න එවුන් ‍හොඳ නැති නිසා නේද? දැන් අපිට පේනවා රංජන් රාමනායක කරන වැඩවලින් ඒක ඉතාමත් හොදට තේරෙනවානේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ඉවරයි, විනිසුරුවරු ටිකත් ඉවරයි, පොලීසියත් ඉවරයි, නළු නිලියොත් ඉවරයි අවසානයේ මුළු රටම ඉවරයි. සහරාන් නම් 400 -500 ක් මැරුවා කියලා කියන්න පුලුවන්. දැන් මේ යෝදයා මුළු රටක්ම, සමාජයක් විනාශ කළා. ජනතාවගේ විශ්වාසය නැති කළා. රගපාන්න ඕන එකා පාර්ලිමේන්තු ආව එකනේ වරද තියෙන්නේ ඒ මනුස්සයා රඟපාගෙන හිටියා නම් තවත් ජෝක් ෆිල්ම් දෙක තුනක් හදයි, අපිත් ගිහින් බලලා ලේ ටිකක් පිරිසිදු කර ගෙන එනවා. මිනිහාගෙන් රටට වැඩකුත් වෙනවා එතකොට අපිට වැඩකුත් වෙනවා. නොගැ‍ලපෙන මිනිස්සු පාර්ලිමේන්තු ආවම මේ වගේ අලකලංචි වෙනවා. පාර්ලිමේන්තුවට සැබෑ දේශපාලඥයෝ එවන්න, දේශපාලනය ගැන දන්න, ජනතාව එක්ක ජීවත් වෙන, වැඩක් කරන මිනිස්සු ටිකක් එවන්න ඕන පාර්ලිමේන්තුවට.

    ක්‍රීඩා කරන අය ක්‍රීඩා කරන්න ඕන, සිංදු කියන අය සින්දු කියන්න ඕන, රඟපාන අය රඟපාන්න ඕන, දොස්තර වෙදකම් කරන්න ඕන, ඉංජිනේරුවා ඉංජිනේරු වැඩේ කරන්න ඕන, එහෙම වුණොත් නේද මේ රට හැදෙන්නේ, දැන් මේ රස්සාවල් ටික පටලවා ගත්තම මොකද වෙන්නේ, මේක වරද්ද ගත්තේ අපේ අයම තමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගියා සිංදු කියන්න, මේක නොතේරුණ සිංදු කියන එකා හිතුවා මටත් පාර්ලිමේන්තු යන්න පුළුවන් කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගියා රඟපාන්න, රඟපාන එකා හිතුවා මටත් පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා ගැලපෙන අය ගැලපෙන තැනට යවන්නේ නැති එකේ ප්‍රථිපලය දැන් පේනවානේ. අර ‍කියන හඩ පට අහනකොට රෙද්දක් ඇඳගෙන ඉන්න බෑ, පවුල් ටික ඉවරයි, ඒ මිනිස්සුන්ගේ උගත්කම, වැදගත්කම ඉවරයි. සමහර විට මේ මනුස්සයා එක්ක කථා කරන්නේ බොහෝම හිතවත්කමට වෙන්න ඇති.

    ඒ නිසා නොගැලපෙන අය පාර්ලිමේන්තු එවන්න එපා. පාර්ලිමේන්තුවට එවන්න ඕන සුදුස්සෝ, සුදුසුකම අත-පය තියෙන එක නෙමෙයි, උස -මහත, බඩ-කඳ තියෙන එක නෙමෙයි, දේශපාලනය කරන්න පුළුවන්කම තියෙන්න ඕන. දේශපාලඥයෝ වෙන්න ඕන, ඒ නිසා එහෙම පිරිසක් ඉදිරි පාර්ලිමේන්තුවට එවන්න යැයිද පැවසීය.

    Latest News