අනුරාධපුරයේ විපතට පත් දරුවන්ට දුමින්දගෙන් පාසල් පොත් හා උපකරණ

දෙසැ 22, 2019

    අයහපත් කාළගුණයෙන් විපත්ට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු පාසල් දරුවන්ට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පොත් පත් ඇතුළු පාසල් උපකරණ කඩිනමින් පිරිනමන බව තරුණ කටයුතු රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි. 

    අනුරාධපුර රාජාංගනය, ගල්නෑව, තලාව හා ඉපලෝගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයන්හී ජල ගැලීම් වලින් අවතැන් වී සිටින ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීම සදහා සහන කදවුරු වෙත ගොස් ජනතාවගේ සුව දුක් අමාත්‍යය දුමින්ද දිසානායක මහතා විමසා සිටියේය. 

    ඔවුන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයා දෙන ලෙස නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ගංවතුර පහව ගිය පසු ඔවුන්ගේ ජන ජීවිත යථා තත්වයට පත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරන බවට පොරොන්දු විය. හානී වී ඇති වගාවන්ට වන්දි ලබා දීමටත්, හානී වූ නිවාස සදහා වන්දි ලබා දීමටත්, කැඩී බිදී ගිය වැව් හා ඇළ වේලී පිලිසකර කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ගේ අවධානයට යොමු කරන බවත් අමාත්‍යයවරයා පැවසීය.

    “එප්පාවල කටියාව ගොවිපල ප්‍රදේශයේ අවතැන් ජනතාව එඳවා සිටින එප්පාවල කටියාව යාය 09 විහාරස්ථානයේ පැමිණි දුමින්ද දිසානායක මහතා එහි රැදී සිටි පාසල් දරුවන්ගෙන් විමසා සිටියේ ' ගෙවල් වල තිබුන පොත් වලට කුමක් වුනේ' යනුවෙනි. එ අනුව දරුවන් කියා සිටියේ 'පොත් ගෙදර, ගන්න බැරි වුණා, ඒවත් වතුරට යටවුණා යනුවෙනි“ ඒ අවස්ථාවේදීම අමාත්‍යයවරයා ආපදා කළමනාකරණ නිළධාරීන් අමතා අවතැන් වී සිටින සියලු පාසල් දරුවන්ගේ විස්තර තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. අවතැන් වී සිටින සියලු පාසල් දරුවන් වෙනුවෙන් පොත් පත් ඇතුළු, අධ්‍යාපන උපකරන ලබා දීමට ඒ අනුව පොරොන්දු විය.

     

     

     

     

     .

    Last modified on ඉරිදා, 22 දෙසැම්බර් 2019 18:26

    Latest News