ජල සම්පාදන මණ්ඩලයෙන් ජනතාවට දැනුම් දීමක්

නොවැ 09, 2020

    කොරෝනා වසංගත තත්ත්වයෙන් රට අවධානම් තත්ත්වයට පත්ව සිටින අවස්ථාවක වුවත්, ජනතාවට අවැසි ‍සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීමේ ජාතික මෙහෙයවර නොපිරිහෙලා ඉටුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

    ජල සම්පාදනය සේම මනු කියවීම හා බිල්පත් නිකුත් කිරීම ද සුපුරුදු පරිදි සිදු කෙරේ. ඒ අතර ඔවුන් විසින් ඉටු කරනු ලබන එම කර්තවයට ජනතාවගේ සහයෝගය ලබාදෙන ලෙසත් ඒ අනූව ක්‍රියාකළ යුතු ආකාරයත් මෙලෙස සඳහන් කර ඇත.

    1. ජල පාරිභෝගිකයන් ලෙස ඔබේ නිවසට සෞඛ්‍යාරක්ෂිත ලෙස පැමිණෙන මනු සටහන්කරුවන්ට ජල මනුව පහසුවෙන් කියවීහට ඉඩකඩ ලබා දෙන්න.

    2. මනු සටහන්කරු සමග කථා කිරීම හෝ මුණ ගැසීම හැකිතාක් අවම කරන්න.

    3. සකස් කරන ලද බිල්පත තැපැල් පෙට්ටියට හෝ වෙනත් සුදුසු ස්ථානයක මනු සටහන් නිලධාරී විසින් තබා යනු ඇත.

    4. බිල්පත සම්බන්ධයෙන් යම් ගැටළුවක් වේ නම් බිල්පතේ පසුපිටේ සඳහන් දුරකථන අංකය ඇමතීමෙන් විමසිය හැකිය‍.

    5. ඔබට waterboard.lk යන වෙබ් අඩවිය ඔස්සේ බිල්පත් ගෙවීමට පහසුකම් සලසා ඇත. ජංගම දුරකථන භාවිත කර NWSDB Self-care app හරහා ජල බිල් ගෙවීමට පහසුකම් ඇත. පාරිභෝගික ජල ගැටලු වෙනුවෙන් 1939 අංකය පැය 24 පුරා විවෘතව පවතින අතර, මෙය නොමිලේ සැපයෙන පාරිභෝගික සේවාවකි.

    6. ජල සම්පාදනය පිළිබඳ නවතම තොරතුරු සැනකින් දැනගැනීම සඳහා 071- 93 99 999 අංකයට ද sms කළ හැකිය.

    7. E ලකුණ යොදා ඔබේ ගිණුම් අංකය සඳහන් කොට 071 -93 99 999 අංකයට sms කිරීමෙන් ඔබේ ජල බිල්පතේ නවතම තත්ත්වය දැනගත හැකිය.

    Latest News