දිවුලපිටිය කොවිඩ් පොකුරේ 4461කට සුවයි

නොවැ 09, 2020

    දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්ගෙන් 4461 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇතැයි,කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    සුවය ලබා රෝහල්වලින් ඊයේ පිටව ගිය පිරිස 562ක්. ඒ අනූව පූර්ණ සුවය ලබා සිටින සමස්ත සංඛ්‍යාව 8285ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    පෙළොන්නරුව - වැලිකන්ද පූනානි සහ ගල්ලෑල්ල යන කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි 158 දෙනෙක් පූර්ණ සුවය ලබා එම ස්ථානවලින් පිටව ගියේය. ඔවුන් කොළඹ,ගම්පහ,මුලතිව්,කෑගල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.

    Latest News