උණුසුම් වූ මැනිං වෙළඳපොළ

නොවැ 09, 2020

    කොළඹ මැනින් පොදු වෙළඳ සංකීර්ණය අද දින (09) විවෘත කෙරෙන බවට පෙර කළ දැනුම්දීමක් හේතුවෙන් පළාත්වල සිට එළවළු රැගෙන වෙළඳුන් පැමිණීම හේතුවෙන් අද උදෑසන උණුසුම්කාරී තත්වයක් හට ගැනිණ.

    කෙසේ වෙතත් කොළඹ හතරවන සහ පස්වන හරස් වීදිවල නාටාමිවරුන්ගේ සිදුකළ P C R පරීක්ෂණවලින් බොහෝ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දැන ගැනීම හේතුවෙන් මෙලෙස හදිසියේ වසා දමන ලෙස සෞඛ්‍ය අංශ වලින් ලැබුණු උපදෙස් පරිදි සිදු කළ බව මැනිං පොදු වෙළෙඳ සංගමය ප්‍රකාශ කළේය.

    ඒ හේතුවෙන් පිට පළාත්වල සිට කොළඹට එළවළු සහ පලතුරු රැගෙන ආ ලොරි රථ විශාල ප්‍රමාණයක් මීගොඩ සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන කරා හරවා යැවීමටත් පොලිසිය කටයුතු කළේය.

    මෙලෙස පිටපලාත් වල සිට කොළඹට එළවළු සහ පළතුරු රැගෙන ආ ලොරි රථ මරදානේ සිට ටෙක්නිකල් වටරවුම දක්වාත් සංඝරාජ මාවත දක්වා ගාල්කර තැබුණු අතර පසුව පොලිසිය විසින් එම රථ ඉවත් කිරීමට කටයුතු කළේය.

    කොළඹ දිසාපතිතුමාගේ උපදෙස් මත සන්නිවේදන උපකරණ යොදාගෙන පැමිණ සිටි වෙළඳුන් ඉවත් කිරීමට කටයුතු සිදු වූ අතර පසුව සංඝරාජ මාවතේ දී වෙළඳුන් තම අලෙවි කටයුතු එම ස්ථානයේ සිට සිදුකළේය.

    පසුව එම ස්ථානයට පැමිණි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මැනින් පොදු වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමය සමඟ සාකච්ඡා කෙරුණු අතර ඉදිරියේ දී වෙළෙඳ සංගමය පිරිස්ද PCR පරීක්ෂණයකට ලක් කර යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. එසේම සිදුවූ අපහසුතාවය පිළිබඳව වෙළෙඳ සංගමය සමඟ සාකච්ඡා කර එය නිරාකරණය කිරීමට කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    Last modified on සදුදා, 09 නොවැම්බර් 2020 11:48

    Latest News