ඊයේ හඳුනාගත් ආසාදිතයින් 510ක්

නොවැ 09, 2020

    මෙරටින් කොවිඩ් 19 රෝගය වැළඳුණු 510 දෙනෙක් ඊ‍යේ හදුනාගැනිණ. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්.

    වැඩිම රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ,බස්නාහිර පළාතෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ 199ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 193ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 56 දෙනෙක් එ අතර වෙයි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 12ක්. 

    පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල ඉක්මණින් ලබාගැනීම සඳහා වන විශේෂ උපකරණයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටුවා ඇති රසායනාගාරයේ ස්ථාපනය කර තිබේ. 

    කොවිඩ් 19 මෙරට 35 වැනි මරණය ඊයේ වාර්තා විය.  ඔහු 78 හැවිරිදි පිරිමි අයෙක්.  එම තැනැත්තා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබේ.  මරණය සිදුව ඇත්තේ,කොවිඩ් 19 හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයකින් බව රජයේ ප්‍රවෘතිත් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.  දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුකූලව බොරැල්ල පොදු සුසාන භූමියේ දී ඊයේ සිදු කෙරිණ. 

    Latest News