මත්ද්‍රව්‍ය රැගෙන වන්දනාවේ ගොස් මාට්ටු

ජන 13, 2019

    මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 15 දෙනෙක් සැකපිට හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍යය රැගෙන එන තරුණයන් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් වටවල දියගල ප්‍රදේශයේදි ඊයේ (12) දවස පුරා සිදු කරන ලද පරික්ෂා කිරිමකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකිවි ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ කේරල ගංජා සහ හෙරොයින් මත්ද්‍රව්‍යය තිබු බව වැටලිම සිදු කල නිලධාරින් කියා සිටි.

    සැකකරුවන් අවුරුදු 20 ත් 30 වයස් කාණ්ඩ වල පසුවේ. ඔවුන් කොළඹ ,ගාල්ල, මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වැටලිම කල නිලධාරින් පවසයි. හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ උපදෙස් පරිදි සිදු කල මෙම මෙහෙයුමේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියිමිතයි.

    Latest News