කැස්බැ මස් කෑමට ගිය මව සහ දියණිය රිමාන්ඩ් භාරයට

ජන 13, 2019

    ආරච්චිකට්ටුව - නගුල්එළිය ප්‍රදේශයේ පාරු ඇළ ප්‍රදේශයේ ඉතා රහසිගත කැස්බෑවා මස් කරමින් සිටි මවක සහ දියණියක් අත්අඩංගුවට ගෙන හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

    පුත්තලම තම්බපණ්නී නාවික හමුදා කදවුරේ නිළධාරින් හා පුත්තලම , ආනවිළුන්දාව වනජීවී කාර්යාලයේ නිළධාරින් එක්ව එකාබද්ධ සිදු කල වැටලීමකදී මෙම බටු කැස්බෑවා මරමින් සිටි කාන්තාවන් දෙදෙනා ඊයේ(12) පසවරුවේ අත්ඩංගුව ගැනීමට හැකිවී තිබේ.


    වැටලීමේදී කැස්බෑ මස්ද, මේරු බිත්තර 111 ක්ද , නොමේරු බිත්තර 100 වැඩි ප්‍රමාණයක් හා එයට භාවිතා කල උපකරණද වනජීවී නිළධාරින් විසින් සොයා ගෙන ඇත.

    කැස්බෑ වර්ග 05ක් ලංකාවේ දැඩි ලෙස ආරක්ෂිත සතෙක් වන බවත් , මෙම කැස්බැවා බටු කැස්බෑ වර්ගයට අයත්වේ. මේ දිනවල හලාවත - මුතුපණ්ති මුහුදු තීරයේ සිට කල්පිටිය දැක්වා ප්‍රදේශයේ බහුල වශයෙන් කැස්බෑවන් බිත්තර දැමීමට පැමිණෙන බවත් , මෙවැනි ආරක්ෂිත සතෙකු මේ අකාරයෙන් මරා දැමීම විශාල අපරාධයක් බව පුත්තලම පුත්තලම දිස්ත්‍රික් වනජීවී කලාප කාර්යාලය සහකාර අධ්‍යක්ෂක ඩබ්.එම්.කේ.එස් චන්ද්‍රරත්න මහතා පවසයි.

    Latest News