විජිත හේරත් -78 ව්‍යවස්ථාව අදට නොගැලපේ

ජන 13, 2019

    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අදට නොගැලපෙන බැවින් නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    සමහර කණ්ඩායම් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බිල්ලන් මවන බව ඔහු එහිදී දියා සිටියේය. ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් හෝ මේ වන විට ඉදිරිපත්වී නොමැති බවත් ඔහු අවධාරණය කර සිටි. ව්‍යවස්ථාව වසර 40ක් පැරණි වන බැවින් අද අප මුහුණ දී ඇති ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොමැති බවත් ඔහු කියා සිටියේය. සුමන්තිරන් දෙමළ ජනතාව‍ තුළ වෙනස් අන්අදමේ මතයක් ගොඩනැගීමට වෙරදණ බව ඔහු පෙන්වාදුනි.  

    1977 බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය විසින් විධායක ජනාධිපති ක්‍රමය ඇතුලත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට 19 වතාවක් සංශෝධනය කර ඇත. විධායක ජනපති ක්‍රමය අහෝසි කිරිම ඇතුලත් 20 වන සංශෝධනය ලෙසින් යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

    එකීය රටක් ලෙසින් ඉදිරියටත් රට පවත්වාගෙන යාමේ අරමුණින් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරිම මුලික කටයුතු පාර්ලිමේන්තු මුලිකව ආරම්භ කර ඇත.

    Last modified on ඉරිදා, 13 ජනවාරි 2019 14:40

    Latest News