මන්නාරම වෙරළෙන් කිලෝ 12ක ගංජා මතුවෙයි

පෙබ 29, 2020

    මන්නාරම, වංකාලේ වෙරළ තීරයේ නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 12 ක පමණ ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

    වෙරළට ආසන්නයේ පොලොව යට මෙම කේරළ ගංජා පාර්සල් 6ක සඟවා තිබිණ.

    කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා මන්නාරම දූෂණ මර්ධන ඒකකය වෙත භාරදීමට කටයතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.

    Last modified on සෙනසුරාදා, 29 පෙබරවාරි 2020 11:34

    Latest News