මිලියන 27ක් වතුරේ;ගොඩනැගිල්ල වල් වැදෙයි

ජන 12, 2019

    බදුල්ල, රඹුක්පොත ගොවිජන සේවා මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් දිගුකළක සිට නතර කර දමා තිබේ.

    ගොඩනැගිල්ල ඉදිකිරීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන 10 ක්.

    මෙම ස්ථානය නාය අවධානමක් ඇති ප්‍රදේශයක් බව හදුනාගැනීමෙන් පසු පිළියමක් ලෙස 2016 වසරේ දී ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ උපදේශකයත්ව යටතේ මිලියන 13.7කට අධික මුදලක් වැය කරමින් ගල් බැම්මක් ඉදිකර තිබේ.

    ‍ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් අදියරේදි නතර කරදැමීම නිසා ඉදිකල කොටස ද වල් බිහිවී විනාශ වෙමින් පවතියි.බදුල්ල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොවිපවුල් 2134 ක් පමණ ජීවත් වෙයි.මේ තත්වයනිසා රඹුක්පොත  ගොවිජන සේවා මධ්‍යස්ථානායෙන් සේවා ලබාත් ජනතාව වසර 4ක වැඩි කාලයක සිට  දුෂ්කරතාවයට පත්ව ඇත.

    දැනට මෙම කාර්යාලය  බදුල්ල ගොවිජනසේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ගොඩනැගිල්ලක ඉහල මහලේ  තාවකාලිකව පවත්වාගෙන යනු ලබයි. නමුත් එහි ඉඩ කඩ කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි, කෘෂීකර්ම ක්ෂේත්‍රයට අදාල ක්ෂේත්‍ර  නිලධාරින් හා කාර්යාල සේවකයන් පවසන්නේ. මේ ගැටලුව බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරන කමිටු රැස්වීමේ දී නිතරම  කතා බහට ලක්වුව ද තවමත් ස්ථීවර විසඳුමක් ලැබී නැත.

    badulla2 900px 19 01 12

    badull3

    Badulla govijana 900px 19 01 12

    Badulla03 900px 01 12

    Badulla0 900px 19 01 12

    Badulla 01 900px 19 01 12

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 12:31

    Latest News