පොල්වලට ක්ෂණික අංකයක් (වීඩියෝ)

සැප් 28, 2020
  • වැඩි මිලට පොල් විකුණන වෙළෙඳුන් පිළිබඳ පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා පාරිභෝගිකයන් සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

    1977 අමතා පැමිණිලි ඉදිරිපත් කළ හැක. එම පැමිණිලිවලට ක්‍ෂණිකව පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

    ඉකුත් 25 වැනිදා සිට ක්‍රියාත්මක පරිදි පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.

    එම ගැසට් නිවේදනය අනුව, වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 70ක්. වට ප්‍රමාණය අඟල් 12ත්, 13ත් අතර පොල් ගෙඩියක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකට අලෙවි කළ හැක. වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60කට අලෙවි කළ හැක.

    පාලන මිලට පොල් අලෙවි නොකරන පුද්ගලයින් සොයා අඛණ්ඩව වැටලීම් කරන බව, පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. අද ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් වැටලීම් සිදු කෙරිණ.

    අද දෙහිවල, බොරැල්ල සහ ඩීන්ස් මාවත ආශ්‍රිත ප්‍රදේශයන්හි විශේෂ වැටලීම් සිදු කෙරිණ. ඒ පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් අංශය විසිනි.

    Last modified on සදුදා, 28 සැප්තැම්බර් 2020 20:15

    Latest News