අලුත්වැඩියා කළ බස් රථ 10ක් අද සිට සේවයට

සැප් 28, 2020

    අලුත්වැඩියා කළ බස් රථ 10ක්, අද ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයට එක් කෙරිණ. වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 250ක්.

    ලංකා ගමනාගමන මණ්ඩලය සතු මෙම බස් රථ විවිධ කාර්මික දෝෂ හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබිණ. ඒවා අලුත්වැඩියා කරනු ලැබුවේ, “ලක්දිව ඉංජිනේරු සමාගම” විසින්. අලුත්වැඩියා කළ බස් රථ, ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත අද පෙරවරුවේ බාරදුන්නේය.

    අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන් මේ අවස්ථාවට එක්වූහ. සංකේතාත්මකව බස් රථ බාරගනු ලැබුවේ, ලංගම සභාපති කිංස්ලි රණවක මහතායි.

    Latest News