රත්නජීවන් හූල් ගෙන් පෙත්සමක්

සැප් 28, 2020

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද (28) වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39ක් ගොනු කර තිබේ.

    ඉකුත් සිකුරාදා නිමවන විට ගොනු කර තිබූ සමස්ථ පෙත්සම් සංඛ්‍යාව වූයේ 18 කි.

    අද දිනයේ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සමගි ජන බලවේගය පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපති මයන්ත දිසානායක, සිරිලක ජනතා පෙරමුණ වෙනුවෙන් නීතිඥ පී. ලියනාරච්චි ඇතුළු පාර්ශව විසින් තවත් පෙත්සම් 21ක් ගොනු කර ඇති බව අධිකරණ වාර්තාකරු පැවසීය.

    එම පෙත්සම්වල වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

     

    Latest News