දකුණේ පොල් රෝගයට තිත

පෙබ 06, 2019

    දකුණු පළාතේ පොල් වගාවට වැළඳී ඇති කොළ මැලවීමේ රෝගය පාලනය කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය එක්වයි. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක පොල් වගා බොහොමයකට රෝගය වැළඳී තිබේ. රෝගය වැළදුණු ගස් ඉවත් කිරීමටයි, පොල් වගා කිරීමේ මණ්ඩලය උපදෙස් දී ඇත්තේ. රෝග ව්‍යාප්තිය වැළැක්වීමට වගාකරුවන් දැනුවත් කිරීමට ද පියවර ගැනිණ. වගා රැසක ඉවත් කළ යුතු ගස් සලකුණු කෙරුණේ ද පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්.

    කපා ඉවත් කරන ගසක් සඳහා රුපියල් 3,000ක දීමනාවක් ද රජයෙන් පිරිනැමෙයි. රෝගය මුලින්ම හඳුනාගෙන ඇත්තේ මීට වසර 10කට පෙර, මේ දක්වා අදියර 07කින් රෝගය වැළැක්වීමට පියවර ගෙන තිබේ. රෝගය වැළඳුණු ගස්වල කොටස් පළාතින් පිටතට ගෙන යාම ද තහනම්.

     

    Last modified on බදාදා, 06 පෙබරවාරි 2019 16:12

    Latest News