ඕසෝන් ස්ථරය සංරක්ෂණ ජාත්‍යන්තර දිනය අද

සැප් 16, 2020

    පෘථිවි ඕසෝන් ස්ථරය සංරක්ෂණය කර ගැනීමේ ජාත්‍යන්තර දිනය අදයට යෙදී තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1987 අවුරුද්දේදී මෙම දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

    සූර්යයාගෙන් සිදුවන අහිතකර බලපෑම් මගහරවා ගැනීම සඳහා ඕසෝන් ස්ථරය ප්‍රධාන වශයෙන් පෘථිවි ගෝලයට වැදගත් වෙයි. විද්‍යාඥයන්ගේ දත්ත අනූව වායුගෝලයේ සියලුම වායු තරලයන්ට ඉහළින් ඕසෝන් ස්ථරය පිහිටා තිබේ. සූර්යයාගෙන් නිකුත් වන අහිතකර තරංග හා විකිරණ පෙරණයට ලක්කිරීම ඕසෝන් ස්ථරය මගින් සිදු කෙරේ.

    නමුත් මිනිස් ක්‍රියාකාරකම් මගින් පරිසරයට මුදා හැරෙන විවිධ වායු වර්ග හේතුවෙන් ඕසෝන් ස්ථරය විනාශ වීමට පටන්ගෙන තිබේ. ඕසෝන් ස්ථරය විනාශයට පත් කෙරෙන සීඑෆ්සී වායුව හෙවත් ක්ලොරො ෆ්ලොරො කාබන් වැනි වායූන් නිර්මාණය වීමට මිනිස් ක්‍රියාකාරකම් බොහෝ සෙයින් දායක වී ඇති බව විද්‍යාඥයින් පවසයි.

    හැකිතාක් කාබන් විමෝචනය සිදුවන යන්ත්‍රසූත්‍ර භාවිතය සඳහා විකල්ප යොදා ගැනීම හා අහිතකර වායු වර්ග භාවිතයෙන් ඉවත් වීම මගින් මෙම ඕසෝන් ස්ථරය ආරක්ෂා කර ගත හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ.

    Latest News