බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට

නොවැ 20, 2022

    හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිවයිනට පැමිණියා.

    අමෙරිකාවේ මාස එකහමාරක කාලයක් ගත කිරීමෙන් පසුවයි, ඔහු අද දිවයිනට පැමිණියේ.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවති විරෝධතාවයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගියා. ඒ මහතා, අද පෙරවරුවේ දිවයිනට පැමිණි බවයි, අප වාර් තාකරු සඳහන් කළේ. ඉදිරියේදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීම බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බවයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා සිටියේ.

    Last modified on ඉරිදා, 20 නොවැම්බර් 2022 15:48

    Latest News