හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිවයිනට පැමිණියා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහි නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස කෙරුණු ඉල්ලීම පිළිබඳ නියෝගය පෙබරවාරි මස 01 වන දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්ද දායකයින් පෙළඹවීමේ අරමුණින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහි නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද? නැද්ද? යන තීරණය ලබන 11 වනදා දැනුම් දෙන බව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් ඔවුන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

පලතුරු බීම නිෂ්පාදකයින් සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවමින් ගොවීන්ගේ නිෂ්පාදනය වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළඹිය යුතු බව, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

පළාත් සභා අහෝසි කරන්නේ නම්, එහි බලය පළාත් පාලන ආයතනවලට ලබාදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව, එම පක්‍ෂ යේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

එළඹෙන මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Latest News