මොරටුව ආහාර අලෙවිසැල් රැසකට නඩු

සැප් 12, 2020

    මොරටුව ප්‍රදේශයේ බලපත්‍ර රහිත ආහාර අලෙවි කරන ස්ථාන සහ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරණ අලෙවිසැල් වැටලීමක් ඊයේ රාත්‍රි සිදුකෙරිණ.

    ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ආහාර අලෙවි කරන ස්ථාන පරීක්ෂා කිරීමේ දී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ලෙස ඔවුන් ආහාර සකසන ආකාරය ද දැක ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

    පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීමට ද එම අවස්ථාවේදී එම නිලධාරීන් කටයුතු කළේය.

    මෙසේ ප්‍රදේශයේ අහඹු ලෙස තෝරාගත් ස්ථාන 21කින් 12කට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය. අනිකුත් අලෙවිසැල් සඳහා අවවාද කිරීම ද සිදු කෙරිණ.

    වැටලීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ආහාර නිෂ්පාදනය කළ වෙළඳසැල් හිමියන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News