රැඳවියන් පිටතට පැමිණීම ගැන විශේෂ පරීක්ෂණයක්

ඔක් 22, 2018

    අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් සිරමැදිරිවලින් පිටතට පැමිණි ආකාරය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    මේ සිද්ධිය සඳහා බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධ ද නැද්ද යන්න පිළිබඳ විමර්ශනය කිරීමට නියමිතයි.

    ඊයේ දිනයේ බන්ධනාගාර රැඳවියන් විරෝධතාවක නිරත විය. ඒ පොලිස් විශේෂ කාර්යබලකාය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව බන්ධනාගාරය තුළ සිදු කරන සෝදිසි මෙහෙයුම්වලට විරෝධය පළ කරමිනි.

    බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කිරීමේ රජයේ වැඩපිලිවෙළ යටතේ බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට රජය තීරණය කර තිබේ.

    අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගැනුණේ ඒ හේතුවෙනි.

    Latest News