කොත්මලේ දොරටුවක් ඇරෙයි

ඔක් 22, 2018

    ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (22) අලුයම සිට ස්වයංක්‍රියව විවෘත විය. ඒ, ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශලට ඊයේ (21) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමගයි.

    හොර්ටන්තැන්න , ඩයගම යන ප්‍රදේශවලට ඊයේ රාත්‍රීයේ සිට අධික වර්ෂාවක් පතිත වේ.

    එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණ හොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුද ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේලලට පහළින් කොත්මලාඔයේ අවට පදිංචිකරුවන් දැඩි විමසිමත්ව සිටින ලෙස එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් ජනතාවට දැනුම් දෙයි.

    Kothmale1 750px 18 10 22

    Latest News