එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

අගෝ 25, 2020

    එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3.30ට පිටකෝට්ටේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ දීයි.

    තම පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ, කවුරුන්දැයි මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සාකච්ජා කිරීමට නියමිත බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

    මීට අමතරව පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පළවන විවිධ මතවාද හා ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව ද අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී අවධානය යොමු වනු ඇති.

    Latest News