පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට වැඩමුළුවක්

අගෝ 25, 2020

    09 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සඳහා දෙදින වැඩමුළුවක් අද (25) සහ හෙට (26) පැවැත්වීමට නියමිතව තිබේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.00ට මෙම වැඩමුළුවේ සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතයි.

    මෙහිදි පාර්ලිමේන්තු කටයුතු, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතයි.

    Latest News