බන්ධනාගාරවලට STF ආරක්ෂාව

අගෝ 17, 2020

    මෙරට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීම එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය මහතා සදහන් කළේ සිදුකළ ඉල්ලීමකට අනූව ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන ඇති බවයි.

    බන්ධනාගාරවල තාප්පවලට ඉහළින් නීතිවිරෝධි ද්‍රව්‍ය බන්ධනාගාර තුළට විසිකිරිමේ සිදුවීම් පසුගිය කාලවකවානුවේ බහුලව සිදුවිය.

    මෙම තත්වය තුළ පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරින් බන්ධනාගාර පිටත ආරක්ෂාව සඳහා යොදවනු ලබන අතර නීති විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම ඇතුළු බන්ධානාගාරවලට ආරක්ෂාව සැපයීම මෙහි අරමුණයි.

    Latest News