කොරෝනා සෞඛ්‍යරක්ෂිත ක්‍රම පිළිපැද්ද තේ කර්මානශාලාවට ප්‍රමිති සහතිකයක්

අගෝ 17, 2020

    කොරෝනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තේ කුඩු නිෂ්පාදනය කළ ලෝකයේ පළමු තේ කර්මාන්ත ශාලාවට හිමි ප්‍රමිති කාර්යාංශයේ සහතිකය හිමිකර ගැනීමට හැටන් කොටගල මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාව සමත් වී තිබේ.

    ඊට අදාළ ප්‍රමිති සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශෂිකා ඩී සේනාරත්න මහත්මිය විසින් එම වතු යායේ වතු අධිකාරී වෙත ඊයේ පිරිනමනු ලැබිය.

    ප්‍රමිති කාර්යාංශය විසින් නිර්දේශ කරන ලද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබඳව මාස දෙකකට ආසන්න කාලයක් සිදුකළ අධීක්ෂණයකින් අනතුරුවයි, සහතිකය පිරිනමා ඇත්තේ.

    Latest News