ඡන්දය දැමීමට ගමට යන්න විශේෂ බස් සේවයක්

ජූලි 30, 2020

    දීර්ඝ නිවාඩුවේ දී ඡන්දය දැමීමට ගමට යන ජනතාව වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට සැලසුම් කර තිබේ.

    ඉදරි සති අන්තයේ දිර්ඝ නිවාඩුක් හෙට(31) සිට ආරම්භ වේ. ඒ අනුව 05 වන දාට පැවැත්විමට නියමිත මහා මැතිවරණය හේතුවෙන් ගම්බිම් බලා යන මඟි ජනතාව සඳහා තදබදයකින් තොරව යාම සඳහා පිටකොටුව මධ්‍යම බස් නැවතුමෙන් අතිරේක බස් රථ 100කට වැඩි ප්‍රමාණයක් යෙදවිමට සැලසුම් කර ඇතැයි පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.ඒ.එච් පණ්ඩුක මහතා සඳහන් කරයි.

    සිකුරාදා හා සෙනසුරාදා දිනවල දි පිටපළාත් සඳහා යාමට වැඩි පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. දෛනික ව පිටකොටුව නැවතුම්පොළෙන් පිට පළාත් සඳහා බස්රථ 800 -1000 අතර ධාවනය වේ.

    එසේම සති අන්ත නිවාඩු නිමවීමෙන් හා මහා මැතිවරණය නිමවිමෙන් පසුව නැවතත් කොළඔ ලබා ගමන් ගන්නා මඟින් සඳහා ද ලංගම ප්‍රාදේශීය බස්රථ යෙදීමට ද සැලසුම් කර තිබේ.

    බදුල්ල, හැටන්, වැලිමඩ, මහනුවර, කතරගම, මඩකළපුව, අම්පාර, අනුරාධපුරය ඇතුළු පිටපළාත් සඳහාද අතිරේක බස් රථ යොදවා ඇත. එසේම මාකුඹුර, කඩවත හා කඩුවෙල යන අධිවේගී මාර්ගවල ගමන් ගන්නා බස් නැවතුම්පලවල් සඳහා වැඩි බස්රථ ප්‍රමාණයක් යෙදවීමට ද කටයුතු කර තිබේ.

    එසේම කොළඔ දිස්ත්‍රික්කය තුළ ද මැතිරණය පැවැත්වෙන අගොස්තු 05 වන දින සාමාන්‍ය අයුරෙන් ලංගම බසරථ ධාවනයට කටයුතු යොදා ඇත.

    Latest News