ලංගම බස්රථ අද හා හෙට ධාවනයට

නොවැ 21, 2020

    අද (21) සහ හෙට (22) දෙදින තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස්රථ ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය කියා සිටියි.

    මෙහිදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ මඟින් ක්‍රියාත්මක කෙරෙන දුරගමන් සේවා ද ක්‍රියාත්මක කෙරෙනු ඇත. හුදකලා කර ඇති ප්‍රදේශවලින් මගීන් නංවා ගැනීම හෝ බැස්සවීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

    එවැනි ක්‍රියාවක නිරත වීමට උත්සාහ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලීසිය දැනුම්දෙයි.

    සති අන්තයේ සියලු මගී දුම්රිය ප්‍රවාහන කටයුතු නවතා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබේ.

    Latest News