මනුෂ්‍ය ඝාතනයකට මරණීය දණ්ඩනය නියම කරයි

ජූලි 30, 2020

    මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් මරණීය දණ්ඩනය නියම කළා.

    මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි නිලන්ත කුමාර ඩයස් නැමැති විත්තිකරුවෙකුට මෙසේ දඬුවම් නියම විය.

    2001 වසරේ ජුනි මස 8 වනදා මට්ටක්කුලිය ප්‍රදේශයේ දී වික්‍රමසිංහගේ සුමිත් නමැති අයකු ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් පහර දී මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුව පවරා තිබුණි.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළා.

    ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බව ද නඩු තීන්දුවේ සඳහන් වුණා.

    Latest News